ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණීය ධාන්‍යමය ආහාර සන්නාමය වන CBL සමපෝෂ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන 2026 පළාත් පාසල් ක්‍රීඩා උළෙල, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත් හතේදී ජූලි 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
පාසල් 3,500කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35,000කට වැඩි පිරිසක් ක්‍රීඩා ඉසව් 70කට සහභාගි වන අතර, ජයග්‍රාහී පාසල් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් කුසලාන, සහතිකපත් සහ පදක්කම් පිරිනමනු ලැබේ.
CBL සමපෝෂ 2026 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ජූලි 21 වැනිදා ආරම්භ වන අතර, එය ජූලි 24 වැනිදා අවසන් වේ.
ඌව පළාත් පාසල් ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී ජූලි 31 සිට අගෝස්තු 4 දක්වා පැවැත්වේ.
දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරග ගාල්ල දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී අගෝස්තු 4 සිට 7 දක්වා පැවැත්වෙන අතර, වයඹ පළාත් පාසල් ක්‍රීඩා උළෙල වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් 8 සිට 11 දක්වා පැවැත්වේ.
බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරග දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් 7 සිට 10 දක්වාත්, නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් 9 සිට 13 දක්වාත් පැවැත්වීමට නියමිතය.
අවසන් අදියර වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරග ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් 11 වැනිදා ආරම්භ වී 15 වැනිදා අවසන් වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් CBL ආහාර අංශයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා පැවසුවේ, වර්තමාන දරුවන් හෙට දවසේ නායකයන් බවට පත්වන බවට CBL විශ්වාස කරන බවත්, සමපෝෂ‘දිනන දරුවෝ’වැඩසටහන හරහා නිසි පෝෂණයෙන් සවිබල ගැන්වුණු, ක්‍රියාශීලී, ආත්ම විශ්වාසයෙන් යුත් සහ අනාගත නායකත්වයට සුදුසු දරු පරපුරක් බිහිකිරීමට කැපවී සිටින බවත්ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. එම්. ක්‍රිෂාන් දුමින්ද මහතා පැවසුවේ, පාසල් දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම, ඔවුන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම ඉහළ නැංවීම සහ ජාතික තලයට ඔවුන්ගේ දක්ෂතා රැගෙන යාම සඳහා පසුගිය වසර දහයක කාලය පුරා CBL සමපෝෂ ලබාදුන් සුවිශාල දායකත්වය ඉතා අගය කරන බවයි.
Latest News
කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට
පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!
CBL සමපෝෂ අනුග්‍රහයෙන් පළාත් පාසල් ක්‍රීඩා උළෙල ජූලි 21දා ඇරඹේ
ජීවන වියදම නැග්ගත් අනුරට 75%ක් කැමැතියි - CPA නවතම වාර්තාව
ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න: ගුවන් හමුදාවෙන් හදිසි ඉල්ලීමක්
විමල්ගේ සොයුරු සරත් වීරවංශ අත්අඩංගුවට
ඉන්දියාවේ රෙදි ප්‍රදර්ශනයකට ඇමති හඳුන්නෙත්ති ගිහින් ඇමති ගිරිරාජ් සහ මාගරීටා සමඟ සාකච්ඡා
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක්
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි