General14 July 2026

රාජකාරිය අතරතුර ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ සැරයන් රණසිංහ SI තනතුරට උසස් කෙරේ

නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මහවැලි ගඟේ ජල පහරට හසුවී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

මෙසේ පශ්චාත් උසස්වීම් ලබා ඇත්තේ විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් 67763 ඩි. ජි. රණසිංහ නිලධාරියායි.

මෙම නිලධාරියා ඉකුත් 12 වැනිදා කින්නියා පොලිස් වසමේ මුලුක්කුශවට්ටි ප්‍රදේශයේ සිදු කළ නීති විරෝධී වැලි ඡාවාරමක සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ‍යාමේදී සිදු වූ හදීසි අනතුරකින් මහවැලි ගඟේ ජල පහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඒ අනුව, රාජකාරිය ඉටු කිරීමට යාමේදී සිදු වූ මෙම හදිසි අනතුරින් මියගිය ඩි.ජි. රණසිංහ නිලධාරියා වෙත, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්ට අනුකූලව පශ්චාත් උසස්වීම් පදනම යටතේ උප පොලිස් පරීක්ෂක (SI) තනතුරට එලෙස උසස්වීම් පිරිනමා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes