ලැබුණු ජාත්‍යන්තර තොරතුරු දත්ත පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශය විසින්, "ශීතාගාර පැනල" ලෙස සඳහන් කරමින් මෙරටට ගෙන්වන ලද විශාල සිගරට් තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
දෙහිවල ප්‍රදේශයේ පිහිටි සමාගමකට ලිපිනය කර ගෙන්වා තිබූ මෙම ශීතාගාර පැනල තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම සිගරට් තොගය සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසනවා.
මෙරට ජීවත්වන හෝ රැකියාවල නිරත වන චීන ජාතිකයින් පිරිසකට මෙම ජාවාරම සම්බන්ධයෙන් සබැඳියාවක් පවතින බවට සැක බවයි රේගුව සඳහන් කරන්නේ.
මෙහිදී චීන නිෂ්පාදිත සිගරට් කාටූන් 18,000කට අධික ප්‍රමාණයක් රේගු භාරයට ගෙන ඇති අතර, එහි අඩංගු සමස්ත සිගරට් කොටස් ප්‍රමාණය මිලියන 3.6ක් බව රේගුව පවසනවා.
ශ්‍රී ලංකා රේගුව පවසන්නේ මෙම සිගරට් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 450කට අධික බවයි.
අදාල නීති විරෝධී සිගරට් තොගය වැටලීමට නොහැකි වූයේ නම් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් මිලියන 400කට අධික බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
Latest News
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
Local
14 July 2026
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
Local
14 July 2026
කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
Local
14 July 2026
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
Local
14 July 2026
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
ශ්‍රී ලංකා – ඉන්දියානු මාධ්‍ය සහයෝගීතාවේ නව මානයක් සනිටුහන් කරමින් “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පැවැත්වෙයි
Local
14 July 2026
37 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය සාර්ථකව නිමවෙයි - මනුත් සහ ඉෆ්රා ප්‍රධාන ශූරතා දිනාගනිති
Local
14 July 2026
ඡන්ද තියන්න සල්ලි නැති කතාවට ටිල්වින්ට නලින්දගෙන් අදත් සැර ප්‍රහාරයක්!
Local
14 July 2026