අමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශවල 1960 දශකයේ සිට ක්‍රියාත්මක වන, වසරකට දෙවතාවක් ඔරලෝසුවේ වේලාවන් වෙනස් කිරීමේ සම්ප්රදාය අවසන් කරමින්, ‘දිවා ආලෝකය ඉතිරි කිරීමේ වේලාව’ ස්ථිර ලෙසම පවත්වාගෙන යාම සඳහා වන පනතක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (U.S. House of Representatives) ඊයේ (14) බහුතර ඡන්දයෙන් සම්මත කර තිබෙනවා.
ඡන්ද 308-117ක් ලෙස ලැබුණු මෙම ජයග්‍රහණයත් සමග පනත සෙනෙට් මණ්ඩලය වෙත යොමු කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙය නීතියක් බවට පත් වුවහොත්, නොවැම්බර් මාසයේදී ඔරලෝසුවේ වේලාවන් නැවතත් සාමාන්‍ය සම්මත වේලාව වෙත හැරවීම සිදු නොකෙරෙන බව සඳහන්.
කෙසේ වෙතත්, අවශ්‍ය නම් වසර පුරා පවතින මෙම වේලාව ක්‍රියාත්මක නොකර සිටීමට ප්‍රාන්ත රජයන්ට අවස්ථාව පවතින බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙම පනතට පක්ෂව අදහස් දක්වන්නන් පවසන්නේ වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නිසා මිනිසුන්ගේ නින්දට බාධා වන බවත්, සේවා ස්ථානවල සිදුවන අනතුරු ඉහළ යන බවත්, සහ මාර්ග අනතුරු වැඩි වීමට එය හේතු වන බවත්.
එමෙන්ම, වසර පුරා ඔරලෝසුවේ වේලාව පැයකින් ඉදිරියට තබා ගැනීමෙන් ශීත ඍතු මාසවලදී සවස් කාලයට වැඩි දිවා ආලෝකයක් ලැබෙන අතර, එය ආර්ථික කටයුතු ප්‍රබෝධමත් කිරීමට ද ඉවහල් වන බව ඔවුහු සඳහන් කරනවා.
නමුත් මෙයට විරුද්ධ වන්නන් පවසන්නේ, මෙම වෙනස නිසා ශීත ඍතුවේ උදෑසන කාලයේදී හිරු උදාවීම පැයකින් ප්‍රමාද වන බවයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස පාසල් යන දරුවන්ට සහ රැකියා සඳහා යන ජනතාවට අලුයම අඳුර පවතින අවස්ථාවේදීම නිවෙස්වලින් පිටත්වීමට සිදුවනු ඇති.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද වසරකට දෙවතාවක් වේලාව වෙනස් කිරීමේ ක්‍රමය නතර කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටි අතර, ඔහු මෙම පියවරට දැඩි ලෙස සහයෝගය දක්වන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, ආකැන්සාස් ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනෙට් සභික ටොම් කොටන් ඇතුළු පිරිසකගෙන් තවමත් මෙම පනතට විරෝධය එල්ල වන අතර, කොටන් තර්ක කරන්නේ දිවා ආලෝකය ඉතිරි කිරීමේ වේලාව ස්ථිර කිරීමෙන් ශීත ඍතුවේදී හිරු උදාවීම ඉතා ප්‍රමාද වන බවත්, එමගින් රටේ බොහෝ ප්‍රදේශවල දරුවන්ට අඳුරේම පාසල් යාමට සිදුවන බවත්.
පසුගිය සඳුදා, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් විසින් විකල්ප යෝජනාවක් සඳහා ඡන්දය දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම විකල්ප යෝජනාවෙන් ඉල්ලා තිබුණේ දිවා ආලෝකය ඉතිරි කිරීමේ වේලාව වෙනුවට, සාමාන්‍ය සම්මත වේලාව ස්ථිර කරන ලෙසයි.
අමෙරිකාවේ ප්‍රධාන ගුවන් සේවා නියෝජනය කරන 'එයාර්ලයින්ස් ෆෝ ඇමරිකා' (Airlines for America) සංවිධානය මේ පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ, මෙම පනත මගින් මගීන්ගේ ගමන් බිමන් ප්‍රශ්නගත වීම, ගුවන් කාර්ය මණ්ඩල සහ ගුවන් යානා ස්ථානගත කිරීම මෙන්ම දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධතා ගැටලු ඇතුළු ගුවන් සේවා ක්ෂේත්රයට සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇති බවයි.
පසුගිය මැයි මාසයේදී, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලශක්ති සහ වාණිජ කටයුතු පිළිබඳ කාරක සභාව (House Energy and Commerce Committee) විසින් මෙම 'සන්ෂයින් ප්‍රොටෙක්ෂන් පනතට' (Sunshine Protection Act) පක්ෂව 48-1 ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
මීට පෙර, 2022 මාර්තු මාසයේදී ද අමෙරිකානු සෙනෙට් මණ්ඩලය විසින් දිවා ආලෝකය ඉතිරි කිරීමේ වේලාව ස්ථිර කිරීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර තිබූ නමුත්, විරෝධතා හේතුවෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එවකට එම පියවර ඉදිරියට ගෙන යාමට උත්සහ නොකළ බව සඳහන්.
දැනට හවායි (Hawaii) සහ ඇරිසෝනා (Arizona) ප්‍රාන්තවල මෙම දිවා ආලෝකය ඉතිරි කිරීමේ වේලාව ක්‍රියාත්මක නොවන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
_රොයිටර්ස්_

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රු. 341.08
Local
16 July 2026
බන්ධනාගාර තදබදය අවම කිරීම ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා
Local
16 July 2026
ඉරානයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර මාලාවක්
Local
16 July 2026
කොංගෝවෙන් නව වඳුරු විශේෂයක්
Local
16 July 2026
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි
Local
16 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට
Local
16 July 2026
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026