බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16 සහ 17 පසුවන යෞවනයන් රාත්‍රී කාලයේදී අධික ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම (Night-time scrolling) හේතුවෙන් සිදුවන සෞඛ්‍ය හානි සහ නින්ද අහිමිවීම් වළක්වා ගැනීම සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 6 දක්වා ක්‍රියාත්මක වන විශේෂ සමාජ මාධ්‍ය ඇඳිරි නීතියක් හඳුන්වා දීමට එරට රජය තීරණය කර තිබෙනවා.
"මීළඟ පරපුර අන්තර්ජාලයේ සිදුවන හානිවලින් ආරක්ෂා කිරීමේ" අරමුණින් ලේබර් පක්ෂ රජය ගෙන ආ නවතම පියවරක් ලෙසයි මෙය සැලකෙන්නේ.
ලබන වසරේ (2027) වසන්ත සෘතුවේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව ක්‍රමවේදය යටතේ, TikTok, Snapchat, Instagram, Facebook, YouTube සහ X වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය යෙදවුම් (Apps) මධ්‍යම රාත්‍රියේ සිට අලුයම 6 දක්වා ස්වයංක්‍රීයවම අක්‍රීය (Block by default) වනු ඇති.
කෙසේ වුවත්, මෙම ඇඳිරි නීතිය අනිවාර්ය එකක් නොවන අතර, අවශ්‍ය නම් පරිශීලකයන්ට එය ඉවත් කර (Override) සමාජ මාධ්‍ය භාවිත කිරීමේ හැකියාව ද පවතිනවා.
බ්‍රිතාන්‍ය තාක්ෂණ ලේකම් ලිස් කෙන්ඩල් (Liz Kendall) විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර තිබෙනවා.
තවද, යෞවනයන් සමාජ මාධ්‍ය තුළ වැඩි කාලයක් රඳවා තබා ගැනීමට උපකාරී වන ‘Autoplay’ (එක් වීඩියෝවක් අවසන් වූ පසු අනෙක ස්වයංක්‍රීයව ධාවනය වීම) සහ අඛණ්ඩව ගලා එන ‘Personalised Feeds’ වැනි විශේෂාංග ද වයස 16-17 කාණ්ඩයේ පසුවන්නන් සඳහා ස්වයංක්‍රීයවම අක්‍රීය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
රජය පවසන්නේ වයස 16 පිරුණු සැනින් ළමුන් එකවරම මෙවැනි ඇබ්බැහි කරවන සුළු අන්තර්ජාල මෙවලම්වලට නිරාවරණය වීම වැළැක්වීම මෙහි අරමුණ බවයි.
කෙසේ වුවත්, VPN (Virtual Private Networks) භාවිත කරමින් වයස් සීමාවන් මඟහැර යාම සීමා කිරීමට රජය මෙතෙක් පියවර ගෙන නැහැ.
මෙම තීරණය සම්බන්ධයෙන් ‘මොලී රෝස් ෆවුන්ඩේෂන්’ (Molly Rose Foundation) ඇතුළු ළමා අයිතිවාසිකම් සහ අන්තර්ජාල ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන දැඩි විවේචන එල්ල කරනවා.
5Rights පදනමේ නිර්මාතෘ බීබන් කිඩ්රොන් (Beeban Kidron) සඳහන් කළේ, "මෙය දෙමාපියන් හෝ විශේෂඥයන් ඉල්ලා සිටි සැබෑ, විස්තීර්ණ විසඳුමක් නෙවෙයි.
හුදෙක් මාධ්‍ය ප්‍රචාරණය සහ පුවත්පත් සිරස්තල මවන්නට තාක්ෂණ අමාත්‍යාංශය විසින් සකස් කළ දේශපාලන ප්‍රයෝගයක් පමණයි..."
පර්යේෂණ ආයතනයක් වන Savanta විසින් පසුගිය මැයි මාසයේ සිදුකළ විශේෂ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ, මෙලෙස රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය සීමා කිරීම හරහා දරුවන් වේලාසනින් නින්දට යන බවත්, පසුදින පාසල් කටයුතු සඳහා ඔවුන්ගේ අවධානය සහ මානසික සුවතාවය ඉහළ යන අතර පවුලේ සාමාජිකයන් සමඟ ගත කරන කාලය වැඩි වන බවත්.
කෙසේ වුවත්, මෙමඟින් ඇතැම් දරුවන් මිතුරන්ගෙන් වෙන්වී හුදෙකලා වීමේ සහ මුල් කාලයේදී දැඩි කෝපයකින් පසුවීමේ (Withdrawal symptoms) යම් අහිතකර බලපෑමක් ද පවතින බව එම පර්යේෂණයේදීම අනාවරණ වී තිබෙනවා.

Latest News
බන්ධනාගාර තදබදය අවම කිරීම ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා
Local
16 July 2026
ඉරානයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර මාලාවක්
Local
16 July 2026
කොංගෝවෙන් නව වඳුරු විශේෂයක්
Local
16 July 2026
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි
Local
16 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට
Local
16 July 2026
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026