අනුරාධපුර ඉසුරුමුණිය වටරවුම අසලදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ අද (15) උදෑසන 7.00 ට පමණ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනුරාධපුර නගරය දෙස සිට පූජා නගරය දෙසට ඉසුරුමුණිය වටරවුම හරහා ගමන් කරමින් තිබූ යතුරුපැදියක, ගල්නෑව සිට තඹුත්තේගම හරහා අනුරාධපුර නගරයේ පාසල් කිහිපයක් සඳහා ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ "සිසු සැරිය" බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
බස් රථය අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් වටරවුමට ඇතුළු කිරීමේදී මෙම ගැටීම සිදුව ඇති අතර, අනතුර සිදුවන අයුරු අසල තිබූ ව්‍යාපාරික ස්ථානයක සවි කර තිබූ සී.සී.ටී.වී. (CCTV) කැමරාවක ද සටහන්ව තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවක යතුරුපැදියේ ගමන් කරමින් සිට ඇති අතර, එහි සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනාම අනතුර සිදු වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොවුන් අනුරාධපුර කාර්මික පෙදෙසේ සහ පොලොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාලකාරිය අනතුරින් මියගිය පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුගේ බිරිඳ බව පොලිසිය පවසනවා.
අපරික්ෂාකාරී ලෙස බස් රථය ධාවනය කළ රියැදුරු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
Latest News
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
Local
15 July 2026
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක්
Local
15 July 2026
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026
ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද
Local
15 July 2026
අධික උෂ්ණත්වයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර ගිනි ගැනීම්
Local
15 July 2026
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව කල් යයි
Local
15 July 2026
කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්‍රිතව යළි කටුනායකට
Local
15 July 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
Local
15 July 2026
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
Local
15 July 2026
ඉසුරුමුණි වටරවුමේදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට
Local
15 July 2026