දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් මස 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (15) නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල ඉදිරියේ අද (15) මෙම නඩුව විභාගය පැවැත්වුණු අතර, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබීමටයි නියම වුණේ.
2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් එහි ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීමේදී එම සමාගමට වාසිදායක ආකාරයකට ක්‍රියා කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
Latest News
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026
ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද
Local
15 July 2026
අධික උෂ්ණත්වයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර ගිනි ගැනීම්
Local
15 July 2026
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව කල් යයි
Local
15 July 2026
කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්‍රිතව යළි කටුනායකට
Local
15 July 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
Local
15 July 2026
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
Local
15 July 2026
ඉසුරුමුණි වටරවුමේදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට
Local
15 July 2026
උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ සෙවූ අමෙරිකානු විද්‍යාඥයා චීන අත්අඩංගුවේ: ඔත්තු බැලීමේ චෝදනා යටතේ නඩු විභාගයකට සැරසෙයි
Local
15 July 2026
දඹුල්ල විහාර හන්දියේ කඩකාමරයක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට
Local
15 July 2026