එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාල දෙවන සැකකාරිය වන ප්‍රියංකා නයෝමාලිට දින වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින් විවෘත වරෙන්තුවක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ.
මෙම දෙවැනි සැකකාරිය වෙනුවෙන් අධිකරණයට ඇප තබා ඇති ඇපකරුවන් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක එම ඇපකාරිත්වයෙන් ඉවත් කරන ලෙස ඔවුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
තවද ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ රුපියල් මිලියන 10ක එම ඇප මුදල රාජසන්තක කළ හැකි බවයි.
එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා නඩු ගොනුව නිරීක්ෂණය කර දන්වා සිටියේ රුපියල් මිලියන 10ක් නොව රුපියල් ලක්ෂ 200ක ඇප මුදලක් අධිකරණයට තැන්පත් කළ යුතු බවත් එම ඇප මුදල රාජසන්තක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්විය යුතු බවත්ය.
එහිදී ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් දෙදෙනාට විදේශ ගත වීමට අවශ්‍යතාවයක් ඇති බැවින් ඔවුන් ඇපකාරීත්වයෙන් ඉවත් කර දෙන ලෙසයි.
ඒ අනුව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට ඇප තැබු ඇපකරුවන් දෙදෙනාගේ ඇප ඉවත් කිරීම සහ එම ඇප මුදල් රාජසන්තක කිරීමට හේතු ලිඛිතව අධිකරණයට දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.
නඩුව ලබන 22 යළි කැඳවිමට නියමිතයි.
මෙම සිද්ධියට අදාල පලමු සැකකරු වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මේ වන විට මිය ගොස් තිබෙනවා.
Latest News
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026
ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද
Local
15 July 2026
අධික උෂ්ණත්වයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර ගිනි ගැනීම්
Local
15 July 2026
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව කල් යයි
Local
15 July 2026
කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්‍රිතව යළි කටුනායකට
Local
15 July 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
Local
15 July 2026
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
Local
15 July 2026
ඉසුරුමුණි වටරවුමේදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට
Local
15 July 2026
උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ සෙවූ අමෙරිකානු විද්‍යාඥයා චීන අත්අඩංගුවේ: ඔත්තු බැලීමේ චෝදනා යටතේ නඩු විභාගයකට සැරසෙයි
Local
15 July 2026
දඹුල්ල විහාර හන්දියේ කඩකාමරයක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට
Local
15 July 2026