General15 July 2026

කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්‍රිතව යළි කටුනායකට

මැදපෙරදිග යුද වාතාවරණයත් සමඟ කුවේටයේ ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාලයක් ගුවනේ පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්.- 229 සහ යූ.එල්.- 253 දරණ යානා කුවේට් සිටි සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

කෙටි කාලයකට ගුවන් අවකාශය විවෘත කළ පසු මෙලෙස ගොඩබස්වා ඇති අතර පසුව යළි මගීන් රැගෙන අද උදෑසන යළි නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes