General15 July 2026

අධික උෂ්ණත්වයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර ගිනි ගැනීම්

පවතින අධික උෂ්ණත්වය හමුවේ බදුල්ල ,මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වනාන්තර ගිනි ගැනීම් බහුලව වාර්තා වන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පාලමකුඹුර හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කියා සිටියේ මෙම දිස්ත්‍රික්ක 3ට අමතරව අනුරාධපුරය සහ රත්නපුර දිස්ත්‍රික්කවලද අධික උෂ්ණත්වය හමුවේ වනාන්තර ගිනි ගැනීම් ඉදිරියේදී වාර්තා විය හැකි බවයි.

මේ අතර, දින 2 ක් පුරා නකල්ස් සංරක්ෂිතයේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ කොටසක් ගිනි ගෙන විනාශ වී ඇති අතර මේ වනවිට ගින්න පැතිරයාම සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.

ලොව පුරා රටවල් බොහෝමයකට බලපා ඇති එල්නිනෝ තත්වය මේ වන විට ශ්‍රී ලංකාවේ කාලගුණයට ද බලපෑම් කිරීම ආරම්භ කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටියේ ගෝලීය පුරෝකතනයන්ට අනුව මේ වන විට දුර්වල අදියරේ පවතින එල්නිනෝ තත්වය ලබන ඔක්තෝබර් සහ දෙසැම්බර් කාල සීමාවේදී සියයට 80 සීමාව ඉක්මවා යා හැකි බවයි.
Related recommendation
Hiru TV News | Programmes