නිව්යෝර්ක් හි පැවැති සදබීස් (Sotheby's) වෙන්දේසියකදී වසර මිලියන 67ක් පැරණි ටිරන්නෝසෝරස් රෙක්ස් (Tyrannosaurus rex-T. rex) පොසිලයක් පවුම් මිලියන 37.4කට (අමෙරිකානු ඩොලර් මිලියන 50.1ක්) අලෙවි වී තිබෙනවා.
එය ඩයිනසෝරයෙකු වෙනුවෙන් මෙතෙක් ගෙවන ලද ඉහළම මිල ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ඩයිනසෝර පොසිලය අඩි 12කට (මීටර් 4ක්) වඩා උසින් යුක්ත වන අතර, එහි අස්ථිවලින් සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබීම හේතුවෙන් එය මෙතෙක් හමුවූ "වඩාත්ම සම්පූර්ණ" පොසිල නිදර්ශකවලින් එකක් වන බව සදබීස් ආයතනය සඳහන් කරනවා.
පසුගිය දා පැවැති මෙම වෙන්දේසියේදී එය මිලදී ගත් පාර්ශවය කවුරුන්ද යන්න මෙතෙක් හෙළි කර නොමැත.
"ගස්" (Gus) ලෙස ආදරයට නම් කර ඇති මෙම ටී. රෙක්ස් (T. rex) පොසිලය 2021 වසරේදී අමෙරිකාවේ සවුත් ඩැකෝටා (South Dakota) ප්‍රාන්තයේ දුරස්ථ ගොවිපළකින් සොයා ගන්නා ලද්දක්.
මෙම අලෙවිය 2024 වසරේදී ස්ටෙගෝසෝරස් (Stegosaurus) ඩයිනසෝරයෙකු තබා තිබූ පෙර වාර්තාව අභිබවා ගොස් ඇති අතර, ඩොලර් මිලියන 50 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන බවයි බිබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.
2021 සිට 2023 දක්වා වසරවලදී, පොළොව දිය වීමට තරම් උණුසුම් වූ ගිම්හාන සෘතු තුනක් පුරා මෙම අස්ථි කැණීම් කර ගොඩගන්නා ලද බව සඳහන්.
නමුත් මෙම ටී. රෙක්ස් පොසිලයේ කොටස් නැවත එකට එකතු කිරීම සඳහා රසායනාගාරය තුළ තවත් වසර තුනක කාලයක් ගත වූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙම කාර්යයේදී හෙළිව ඇත්තේ සත්වයාගේ හිස් කබලේ සපා කෑ සලකුණු තිබූ බවත්, ජීවත්ව සිටියදී බිඳී පසුව සුව වූ ඉළ ඇට තිබූ බවත්.
මෙම තුවාල ද්විත්වයම වෙනත් සතුන්ගේ මස් අනුභව කිරීමේදී හෝ වෙනත් ඩයිනසෝරයන් සමග ඇති වූ සටන්වලදී සිදු වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Latest News
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා - නාමල් රාජපක්ෂ
Local
16 July 2026
අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 July 2026
ගොමවලින් හරිත බලශක්ති විප්ලවයකට මග පෑදෙයි
Local
16 July 2026
මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක
Local
16 July 2026
''රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත්වෙලා'' - දිනන දකුණ
Local
16 July 2026
කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි: මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී
Local
16 July 2026
උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා
Local
16 July 2026
එජාපය හා සජබ එක්ව ශක්තිමත් විපක්ෂයක් හැදීම යුගයේ අවශ්‍යතාවක් - නවීන් දිසානායක
Local
16 July 2026
ජනතාවට විනෝදය දෙන්න විනෝද බද්ද 5%ක් අඩුකළා - කොළඹ පුරපතිනි බල්තසාර්
Local
16 July 2026
ලොව මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ ඩයිනසෝරයා බවට Tyrannosaurus rex පත්වෙයි
Local
16 July 2026