General16 July 2026

වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

ඒ ඊයේ (15) දිනය තුළ ඩෙංගු රෝගීන් 1,195ක් වාර්තා වීමත් සමඟයි.

එවැනි පසුබිමක අද සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 63ක් ආවරණය කරමින් යලිත් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.

ඩෙංගු රෝගය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430ක් වනවා.

මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 49 ක් වන අතර, ගත වූ පැය 24ක කාලය තුළ ඩෙංගු රෝගීන් 1,195ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන්ද තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ගාල්ල බන්ධනාගාර පරිශ්‍රය දුමායනය කිරීමටද පියවර ගෙන තිබෙන්නේ .

ප්‍රදේශය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්

කොස්වත්ත රුහුණුපුර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඊයේ දින බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සංවිධානය කර තිබුණා.

මීට අමතරව ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයේ බටපොත වැඩභාර නිලධාරී කාර්යාලයටද නඩු පවරා තිබෙන්නේ මදුරු කීටයන් සිටීම හේතුවෙන්.

මෙවැනි පසුබිමක අද සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 63ක් ආවරණය කරමින් යලි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes