General16 July 2026

ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා



ලිතුවේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ඉල්ලා සිටින වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රි ලංකාවේ ලිතුවේනියා කොන්සල් කාර්යාලය ජනතාවට දැනුම් දෙනවා.

මීට අදාළ පැමිණිලි සහ විමසීම් විශාල ලෙස මේ වන විට ලැබෙමින් පවතින බවයි එම කාර්යාලය අවධාරණය කළේ.

ලිතුවේනියාවේ රැකියා ලබාදෙන බව පවසා සිය ගිණුම් වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ මෙරට තුළ මුදල් ඉල්ලා සිටින පුද්ගලයින් අනිවාර්යයෙන්ම මෙම වංචාවට සම්බන්ධ හෝ ඔවුන්ගේ තැරැව්කරුවන් විය හැකි බවද ශ්‍රි ලංකාවේ ලිතුවේනියා කොන්සල් කාර්යාලය පවසනවා.

Related recommendation
Hiru TV News | Programmes