කඩුවෙල - කොරතොට, වදුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ මිතුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැදගත් තොරතුරු රැසක් ද අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී 9.30ට පමණ මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කඩුවෙල, වැලිහිද පාර ප්‍රදේශයේ පදිංචි භාෂණ ප්‍රගීත් ඒසාන් නමැති 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඝාතනයට ලක්වූ තරුණයාට මත්ද්‍රව්‍ය චෝදනා ඇති බවද පොලිසිය සඳහන් කළා.
ඝාතනයට ලක්වූ තරුණයාට දින කිහිපයක සිට තරුණියක් ඇමතුම් ලබාදී ඇති බවත්, ඇයගේ මාර්ගයෙන් මෙම තරුණයා ඝාතනය සිදුවූ ස්ථානය ගෙන්වාගෙන ඇති බවටත් මේ වන විට සැකකෙරෙන බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම අදාළ තරුණිය ද දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු බව ද මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.
මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා මුදල් තැන්පත් කර,අදාළ ස්ථානයට පැමිණ එම මත්ද්‍රව්‍ය ලබාගන්නා ලෙස ඝාතනයට ලක්වූ තරුණයාට දුරකථනය මඟින් දැනුම්දී ඇති බවටයි දැනට වාර්තා වන්නේ.
මේ අතර මියගිය තරුණයා අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ ඔහුගේ මිතුරෙකුගේ යතුරුපැදියකින් බව හෙලිවී ඇති අතර, ඒ අනුව එහි හිමිකරුයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිසිය සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සපත්තු දමා ගැනීමට යම් කාලයක් ගතවූ බැවින් තම මිතුරා පිටත්ව ගිය බවයි.
මේ අතර වෙඩි වැදී මියගිය තරුණයා ළග තිබී කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට රුපියල් 9,500 ක මුදලක් තැන්පත් කරන ලද රිසිට්පතක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ ගිණුම සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකයි.
වෙඩි පහරවල් 6 ක් පමණ එල්ල වී සිටි තරුණයා ප්‍රදේශවාසීන් එක්ව හෝමාගම මුලික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතර වෙඩි තැබීම සිදුවූ ස්ථානය නිරීක්ෂනය කිරීම සඳහා කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් පී.ජී.ඩී. කරුණාරත්න ද පැමිණියා.
මෙම වෙඩි තැබීමත් සමඟ වසරේ මේ දක්වා කාලය තුල සිදුවූ සමස්ථ වෙඩි තැබීම් සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ යන අතර සිදුවූ මරණ සංඛ්‍යාව 13 ක්.
වෙඩි තැබීම්වලින් මේ දක්වා පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026