General23 July 2026

අරගල සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් දේශබන්දු සහ OIC නලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා: ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes