කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඇති අතර, සිද්ධියට සම්බන්ධ රථයක තිබී ගිනිඅවියක් ද සොයාගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
ඊයේ (22) රාත්‍රී 11:00 ට පමණ චීන ජාතිකයන් තිදෙනෙකු නවීන පන්නයේ ජීප් රථයකින් වරාය නගරය වෙත පැමිණ, එහි පිහිටි එල්ලෙන පාලම මත සිට මාළු බාමින් සිට තිබෙනවා.
පසුව අද අලුයම 2:00 ට පමණ KDH වර්ගයේ වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක්, වරාය නගරයේ රථගාලේ වාහනය නවත්වා එල්ලෙන පාලම වෙත ගොස් ඇති අතර, එලෙස පැමිණි පිරිස මාළු බාමින් සිටි චීන ජාතිකයන් තිදෙනාට පහර දී, ඒ අතුරින් එක් අයෙකු පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා පිළිබඳව මේ දක්වා තොරතුරක් අනාවරණය වී නොමැති බවත් අප වාර්තාකරු සඳහන් කළා.
පහරදීමට පැමිණි පිරිස KDH වර්ගයේ වෑන් රථය සිද්ධිය වූ ස්ථානයේ දමා ගොස් ඇති අතර, පොලිසිය විසින් එම රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් (Revolver) සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වරාය නගර පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Latest News
වසර 6ක සේවා කාලය නිම කරමින් චීන තානාපති චී ෂෙන්හොං ශ්‍රී ලංකාවෙන් සමුගනියි
Local
25 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
25 July 2026
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ ධුර කාලය දීර්ඝ කිරීමට අනුමැතිය
Local
25 July 2026
මිලියන 110ක් වටිනා මත්ද්‍රව්‍ය සමග ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට
Local
25 July 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා තනතුරෙන් පහකෙරේ
Local
25 July 2026
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න! – BASL සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
Local
24 July 2026
පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක්: 15ක් ජීවිතක්ෂයට
Local
24 July 2026
නිල් දිය පොකුණ ළඟ උණුසුම් තත්ත්වයක් : නැවත විවෘත කිරීමට ප්‍රදේශවාසීන්ගෙන් පියවර
Local
24 July 2026
ඉන්දියාවේ කැරපොතු විරෝධතා නිම නොවේ : සාකච්ඡා තවමත් අසාර්ථකයි
Local
24 July 2026
පුත්තලමේ කඩොලාන පද්ධති 08ක් අලුතින් රක්ෂිත කෙරේ
Local
24 July 2026