International24 July 2026

අමෙරිකාවේ නව තීරුබදු සඳහා ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ විරෝධය

බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීමට අපොහොසත් වී ඇති බව පවසමින් ඇමරිකාව විසින් රටවල් 60 කට පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සිය විරෝධය පළ කර තිබෙනවා.

එහිදී ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් පැවසුවේ නව ඇමරිකානු තීරුබදු සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ වෙළඳ අමාත්‍යවරයා පැවසුවේ එරටට 12.5% ක තීරුබදු පැනවීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවයි.

අමෙරිකාව විසින් රටවල් 60කට නව තීරු බදු පැනවීමක් සිදු කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18කට පනවා ඇත්තේ 10% ක තීරු බද්දක්.

එමෙන්ම ශ්‍රී ලංකාවට අමතරව මෙලෙස 10% ක තීරු බද්දක් පනවා ඇති සෙසු රටවල් අතරට ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව, කැනඩාව, ආජන්ටිනාව ඇතුළත් වනවා.
Related recommendation
Hiru TV News | Programmes