General30 July 2026

වත්තල වෙඩි තැබීමේ සිද්ධියට ආධාර දුන් තරුණයෙක් කොටු

වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී ඉකුත් (23) වැනිදා පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් තරුණයෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයසඅවුරුදු 24ක් වන මූකලන්ගමුව, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම විසින් සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, මෙම අපරාධය සදහා යොදා ගත් කුලී මෝටර් රථය සඳහා සිය ගිණුමෙන් මුදල් බැර කළ තරුණයා බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes