සුඛෝපභෝගී මෝටර් රථ හා ඉදිකිරීම් ක්ෂේත්රයේ අමුද්‍රව්‍ය ආනයනය කරමින් රුපියල් කෝටි ගණනින් බදු වංචා කළේ යැයි කියන ප්‍රසිද්ධ ගේට්ටු නිෂ්පාදන හා මොටර් රථ ආනයනය සමාගමක හිමිකරුවකුගේ පුත්‍රයකු ඇතුළු දෙදෙනෙකු හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි ඊයේ (03) නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අදාල සමාගමේ අධ්යක්ෂවරයකු වන කොළඹ 07 පදිංචි අතිල රවිනක වීරරත්න සහ ප්‍රධාන ගණකාධිකාරී බව කියන අචිනි තාරකා මිහිරානි ඩයස් නමැත්තියයි.
පැමිණිල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.
පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ අඩු වටිනාකමක් යොදා භාණ්ඩ ආනයනය කර රජයට වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කළ බවයි.
අඩු වටිනාකමක් යොදා මර්සිඩීස් බෙන්ස් රථයක් මෙරටට ආනයනය කිරීමෙන් රුපියල් ලක්ෂ 41ක බද්දක් (රු.4145581.00) රජයට අහිමි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
අමෙරිකානු ඩොලර් 49815.75ක ඉන්වොයිසියක් මගින් භාණ්ඩ ආනයනය කිරීම, අමෙරිකානු ඩොලර් 19926.30ක ණයවර ලිපි නිකුත් කිරීම, අමෙරිකානු ඩොලර් 29889.45 භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු එම සමාගමේ ඉන්වොයිස් පරීක්ෂා කිරීම තුළින් හෙළි වී ඇතැයි ද පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
මේ සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුවන බැවින් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසට ද පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ විමර්ශන නිලධාරින් නිසි සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර නොමැති බවයි.
රේගු ආඥා පනතේ 127 ඒ වගන්තිය ප්‍රකාරව සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම මෛත්‍රාත්වරයා සතු බලයක් බවත්, විමර්ශන නිලධාරීන් පවසන පරිදි එසේ කිරීම අවශ්‍ය නොවන බවත් පෙන්වා ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
මෙහිදී පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
එබැවින් මෙම සැකකරුවන් නිදහස් කළොත් සාක්ෂි විනාශ විය හැකි බැවින් ඇපදීමට තරයේ විරුද්ධ වන බවද පෙන්වා දුන්නා.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබුවා.
Latest News
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026