ඉන්දියාවේ සමස්ත විදුලි නිෂ්පාදනය තුළ ගල් අඟුරු බලශක්ති ප්‍රතිශතය ජූලි මාසයේදී පසුගිය වසරක කාලය තුළ වාර්තා වූ අඩුම මට්ටම දක්වා පහත වැටී ඇති බව රජයේ දත්ත උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරනවා.
ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ එම මාසය තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාමයි.
ලැබී ඇති දත්තවලට අනුව, ඉන්දියාවේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 20 ක් ම පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගෙන තිබෙනවා.
එය ජූලි මාසයේදී කිලෝවොට් පැය බිලියන 36.25 ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට වඩා සියයට 30 ක වර්ධනයක්.
'ග්‍රිඩ්-ඉන්දියා' නියාමන ආයතනයේ දෛනික දත්ත පදනම් කරගනිමින් රොයිටර් පුවත් සේවය කළ ගණනය කිරීම්වලට අනුව, ජූනි මාසයේදී සියයට 69 ක් ලෙස පැවති ගල් අඟුරු විදුලි නිෂ්පාදන ප්‍රතිශතය ජූලි මාසයේදී සියයට 65.7 දක්වා පහත වැටී තිබෙනවා.
ඉන්දියාවේ පිරිසිදු බලශක්ති නිෂ්පාදනයේ මෙම වර්ධනයට සූර්ය සහ පවන් බලශක්ති නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් දායක වී ඇත. ජූලි 13 වන දින සූර්ය සහ පවන් බලශක්ති ධාරිතාව ප්‍රථම වතාවට ගිගාවොට් 100 සීමාව පසුකළ අතර, එදින ඉන්දියාවේ සමස්ත විදුලි සැපයුමෙන් වාර්තාගත සියයට 42.8 ක ප්‍රතිශතයක් එමඟින් සපයා දී ඇති බව සඳහන්.
විදුලි බලය සඳහා වන උපරිම ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ දහවල් කාලයේදී බවත්, ඒ සඳහා සූර්ය බලශක්තියෙන් ලැබෙන දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් 'ශක්තිය සහ පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ' (CREA) විශ්ලේෂකයෙකු වන මනෝජ් කුමාර් පවසයි. රටේ සමස්ත විදුලි නිෂ්පාදනය තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතය ඉහළ යාමට මෙය ප්‍රධාන හේතුවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, ඉකුත් ජූලි මාසයේදී ගල් අඟුරු ඇසුරින් සිදුකළ විදුලි නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 12.8 කින් ඉහළ ගොස් කිලෝවොට් පැය බිලියන 119.40 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ප්‍රබල 'එල් නිනෝ' (El Nino) කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ දැඩි රශ්මිය නිසා රාත්‍රී කාලයේදී විදුලි පංකා සහ වායුසමීකරණ සඳහා වන ඉල්ලුම ඉහළ යාම සහ ජලවිදුලි නිෂ්පාදනය පහත වැටීම, ගල් අඟුරු විදුලි නිෂ්පාදනය මෙලෙස ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.

Latest News
''දූෂණ විරෝධී පනතේ සංශෝධනය ආපසු හැරවූවා සේ, විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ තීරණය ගැන ද සලකා බලන්න'' - දිනන දකුණ
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ
Local
06 August 2026
පාකිස්තානය දැවැන්ත ජල අර්බුදයක
Local
06 August 2026
ප්‍රදේශ රැසකට හෙටත් මි. මී 100 ඉක්මවූ වැසි
Local
06 August 2026
ඉරානය සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්
Local
06 August 2026
හැටන් ඩිපෝවේ ආදායමට හරස් වු කාලගුණය
Local
06 August 2026
අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂකයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙනී සිටියි
Local
06 August 2026
නෝර්වුඩ් අස්වැසුම මංකොල්ලය කෝටි 1.6 ඉක්මවයි; තවත් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සොයයි
Local
06 August 2026
ඩෙංගු මරණ 63 දක්වා ඉහළට
Local
06 August 2026
වසරේ මේ දක්වා ඖෂධ අලෙවි සල් 471ක් වැටලීම් කර ලක්ෂ 22කට අධික දඩ නියම කරයි: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
Local
06 August 2026