රජයට පාඩුවක් සිදු කිරීමේ දූෂණ චෝදනාවක් මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු දකුණු පළාත් සභා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සහ හිටපු සභා නායක විතානච්චි දොන් චම්ලි පද්මලාල් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළා.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් චක්‍රලේඛ (මුදල්) 3/2016 හි සඳහන් ප්‍රසම්පාදන බලතල සීමාවට පටහැනිව, දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් 2019 වර්ෂයේ මන්ත්‍රී ප්‍රතිපාදන හරහා ඇඳි රහිත ප්ලාස්ටික් පුටු පුද්ගලික සමාගමකින් රුපියල් මිලියන 16.5 කට මිල දී ගනිමින් දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිවාස කාර්යාල වෙත බෙදාහැරීමට කටයුතු කර තිබූ බවට ඔහුට එරෙහි චෝදනා බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.
එහිදී ගාල්ල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මලාල් යන අය වෙත නිකුත් කර තිබූ පුටු 305 ක් එම අය විසින් භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
පසුව 2019.04.10 දින දකුණු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු, (එම අයට හිමි මන්ත්‍රී ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 03 ක අත්තිකාරම් පියවීමට කටයුතු කර තිබියදී) නැවත පුටු මිල දී ගෙන ලබා දෙන ලෙස එම අය විසින් කර තිබූ ඉල්ලීමක් මත ආණ්ඩුකාරවරයාගේ ද අනුමැතියකින් තොරව නැවත ප්‍රසම්පාදන කටයුතු සිදු කර තිබූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණා.
ගාල්ලේ වෙනත් පුද්ගලික ආයතනයකින් ඇඳි රහිත ප්ලාස්ටික් පුටු 408 ක් මිල දී ගනිමින්, ඒවා අදාළ මන්ත්‍රීවරයාගේ නිවස වෙත ප්‍රවාහනය කරවා භාර දීමට සැලැස්වීම මඟින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කර ඇති බවට ඔහුට එඓහිව එලෙස දූෂණ චෝදනාව එල්ල වී තිබුණා.
Latest News
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති සමාව ඉල්ලයි: විවේචන මැදත් ධුරයේ රැඳෙයි
Local
06 August 2026
අගමැති මෝදිගේ ෆේස්බුක් සටහනක් අවහිර කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගම ඉන්දියාවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
Local
06 August 2026
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි: ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
06 August 2026
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026