මීගමුව මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වූ මනුෂ්‍ය ඝාතන අපරාධයක චූදිතයකු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය අවශ්‍ය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
රාගම පොලිස් වසමේ, වල්පොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ඉකුත් 2019 වසරේදී පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මීගමුව මහාධිකරණය මඟින් මෙම චූදිතයාට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.
මෙම චූදිත අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩුව විභාගයට ගෙන දඬුවම් නියම කර ඇති අතර, මේ වන විට ඔහු ප්‍රදේශය මගහැර සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී මෙලෙස සැඟවී ඇත්තේ උග්ගස්දෙන, වල්පොල, රාගම පදිංචි වයස අවුරුදු 38ක් වන රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග නමැත්තා බව පොලිසිය පවසනවා.
මෙම චූදිතයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, වහාම පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
• ස්ථානාධිපති, රාගම පොලිස් ස්ථානය: 071 8591604
• ස්ථානාධිපති, අපරාධ අංශය: 071 9627561
Latest News
රතු නිවේදන නිකුත් කර තිබූ ‘සමිට්පුර චතූ’ ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු CID අත්අඩංගුවට
Local
18 August 2026
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
17 August 2026
Dean to captain England against Ireland
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026