වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ක්ෂේත්රය තුළ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ ඔවුන් වී මිලදී ගැනීමේ ගැටලු සහ ඔඩපන ණය ක්‍රමවේදය තුළ බැංකු සමග ගනුදෙනු කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළා.
වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී යෝජනා කළ ඔවූහු වී මිලදී ගැනීම සඳහා තමන්ට ප්‍රමාණවත් ධාරිතාවක් පවතින බවත්, ගොවින්ට ස්ථාවර මිලක් ලබා දීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් සහතික කිරීමට එය හොඳ අවස්ථාවක් වන බවත් පෙන්වා දුන්නා.
මේ පිළිබඳ අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ණය මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරන බවයි.
ඒ අනුව වී කිලෝවක් සඳහා රුපියල් 120 ක අවම මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු බවත්, එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4,000 ක් විය යුතු බවත්, මිලදී ගන්නා වී තොග පිළිබඳව සහ අදාළ ගොවීන් පිළිබඳව නිවැරදි ලේඛන පවත්වාගෙන යාම අනිවාර්ය බවත්, එම වාර්තා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
දැනට ලියාපදිංචි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, සහල් අලෙවි කිරීමෙන් පසු අදාළ මුදල් රජය වෙත නැවත ගෙවිය යුතු බවත්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන මෝල් හිමියන්ට ඉදිරි කන්නවලදීද මෙවැනි සහන ලබා දීමට රජය අපේක්ෂා කරන බවත් සඳහන් කෙරුණා.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලුම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත්, මෙය රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන වගකීම් සහගත කාර්යයක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කළා.
එමෙන්ම, මින් පෙර ක්‍රියාත්මක කළ මෙවැනි වැඩසටහන්වලදී ණය ආපසු නොගෙවීම නිසා මතු වූ ගැටලු පිළිබඳවද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී කරුණු පැහැදිලි කළා.
මීට පෙර ආණ්ඩුවෙන් ණය ලබා දී වී මිලදී ගෙන, එම වී නැවත ආණ්ඩුව විසින් මිලදී ගත යුතු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වී මිලදී ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම ප්‍රශංසාවට ලක් කළ වී මෝල් හිමියෝ මෙම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් දැනට ව්‍යාපාරවලින් ඉවත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විශාල පිරිසකට නැවත ක්ෂේත්රයට යොමු විය හැකි අතර වී සඳහා සාධාරණ මිලක් ලබා දීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කෙරුණා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝද මෙම අවස්ථාවට සහභාගී වුණා.

Latest News
ලොව අවලස්සනම සුනඛයා ලෙස 'ජිනී' කිරුළ පළඳියි: ත්‍යාගය ඩොලර් 5,000යි
Local
16 August 2026
හිටිගමන් වැඩිවෙන වාහන මිල මාෆියාවක් : ආර්ථික විශ්ලේෂකයන් කියයි
Local
16 August 2026
Ceylon Hotels Corporation 60 වසර සමරයි
Local
16 August 2026
යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි - 10ක් රෝහලේ
Local
16 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026