Sports16 August 2026

දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 460ක් ලබා ගනිමින් ප්‍රබල මට්ටමක පසුවෙනවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දේව්දත් පඩීකල් හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 167ක් රැස් කළා.

ඔහුට අගනා සහයක් දුන් කේ. එල්. රාහුල් ලකුණු 82ක්ද, ජුරෙල් ලකුණු 51ක්ද ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 109කට කඩුලු 4ක් දවාගත් අතර, සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කේෂර නුවන්ත ලකුණු 175කට කඩුලු 3ක් දවාගත්තා.

දෙවැනි දිනය අවසන් වන විට කුල්දීප් යාදව් ලකුණු 12ක් සහ ප්‍රසිද් කෘෂ්ණ ලකුණු 1ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
Related Recomands
Hiru TV News | Programmes