General11 August 2026

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට

මෙරට නව චීන තානාපතිවරයා ලෙස පත්වූ, වෙයි හුවාෂිඅන්ග් ධුරයේ වැඩ භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට ළඟා වූ නව තානාපතිවරයා, නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) විසින් තමන්ව මෙම ධුරයට පත් කිරීම “මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයක්” ලෙස සලකන බවයි.

එතුමා ශ්‍රී ලංකාව, එහි පොහොසත් ශිෂ්ටාචාරය, ස්වභාවික සුන්දරත්වය සහ ජනතාව පිළිබඳව සිය ප්‍රසාදය ද පළ කර සිටියා.
Related recommendation
Hiru TV News | Programmes