General13 August 2026

මඩු මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ සේවා

ඓතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සදහා එක්වන බැතිමතුන්ට ගමන් පහසුව සදහා ලංගම බස් රථ ඊයේ (12) සිට ක්‍රියාත්මකයි.

ඊට අමතරව සහ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මීගමුව බස් නැවතුම්පොලේ සිට ලංගම බස් රථ සේවා ආරම්භ වන අතර 077,105 66 20 සහ 077 084 02 40 යන දුරකතන අංක ඔස්සේ ආසන වෙන් කරගත හැකියි.

එමෙන්ම අද රාත්‍රි 9.00ට මීගමුව දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රියක් පිටත් වීමට ද නියමිතයි.

මඩු දේවස්ථානයේ වාර්ෂික මංග්‍යය අනිද්දා ආරම්භ වනවා.
Related recommendation
Hiru TV News | Programmes