මිද්දෙණිය - උලහිටියාව ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බැකෝ සමන්ගේ මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට තවත් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉෂාරා සෙව්වන්දිට අදාල ඝාතනයෙන් පසු නවාතැන් පහසුකම් සපයා ඇත්තේ බැකෝ සමන්ගේ මව විසින් බවටයි හෙළි වී ඇත්තේ.
ඉෂාරා සෙව්වන්දිට රටින් පලාගොස් යාම සදහා යාපනය දක්වා ගමන් පහසුකම් ලබා දී ඇත්තේ ද බැකෝ සමන් වන අතර, ඒ හේතුවෙන් ඔහුගේ මවට ගනේමුල්ල සංජීවගේ හිතවාදී පාර්ශ්වයන් වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයෙන් මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි මතුගමත්, මාතරත්, වවුනියාවේත් රැදී සිටි ඇති බව වාර්තා වූ අතර, පසුව ඇය යාපනය ප්‍රදේශයෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පැනගොස් තිබුණා.
මේ අතර, මෙම ඝාතනය සදහා වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදිය මාතර - ඌරුබොක්ක ප්‍රදේශයේ තේ වත්තක දමා ගොස් තිබියදී අද (13) උදෑසන පොලිසිය සොයාගත්තා.
ඒ අනුව, ඇගිලි සලකුණු සටහන් කරගැනීමේ නිලධාරීන් සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මිද්දෙණිය - උලහිටියාව ප්‍රදේශයේ නිවස ඉදිරිපිට රැඳීසිටි බැකෝ සමන්ගේ මව ඉලක්ක කර මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ බැකෝ සමන් නමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.
එමෙන්ම අරුණ විදානගමගේ හෙවත් මිද්දෙණියේ කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට චෝදනා එල්ල කරන්නේද බැකෝ සමන් නමැත්තාටයි.
එමෙන්ම මීට පෙර මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි බැකෝ සමන් ඇතුළු පිරිස සමග අත්අඩංගුවට ගත්, තැඹිලි ළහිරුගේ නිවසටද පසුගිය මස 08 වැනිදා යම් කිසි පිරිසක් විසින් ගිනි තබා තිබුණා.
නිවසට ගිනි තැබූ අවස්ථාවේ දී තැඹිලි ළහිරුගේ මව සිට ඇති අතර, ගින්නෙන් ඇයට කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

Latest News
නිල්දිය පොකුණේ සංචාරක කටයුතු නියාමනයට රජයෙන් නව පියවරක්
Local
18 August 2026
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරන්න නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
Local
18 August 2026
22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් වෙයි
Local
18 August 2026
ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලකට
Local
18 August 2026
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී පෝස්ටර් විරෝධතා
Local
18 August 2026
2026 වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්
Local
18 August 2026
හිටපු ඇමති අකිලට සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට ඇප - විදෙස් ගමන් තහනමකුත්
Local
18 August 2026
හේමාස් අමෙරිකානු ඩොලර් මිලියන 16.2ක ආයෝජනයක් කරමින් කෙන්යාවේ ලිපි ද්‍රව්‍ය සමාගමක් මිලදී ගනී
Local
18 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
18 August 2026