අමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර අභ්‍යවකාශ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, නාසා (NASA) ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන Moon Base හෙවත් චන්ද්‍ර පදනම් වැඩසටහනට එක්වන ලෙස ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට (ISRO) නිල ආරාධනයක් හිමිව තිබෙනවා.
යළිත් වරක් මිනිසුන් සඳ මතට යැවීම සහ එතැන ස්ථිර ජනාවාසයක් පිහිටුවීමේ තීරණාත්මක අරමුණ ඇතිව අමෙරිකාව මෙම වැඩසටහන මෑතකදීයි ආරම්භ කර ඇත්තේ.
අගෝස්තු 5 සහ 6 යන දිනවල බෙංගලූරු හිදී පැවැත්වුණු ඉන්දු-අමෙරිකානු සිවිල් අභ්‍යවකාශ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 9 වන රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් ද මෙම හමුව ඇමතුවා.
ඉන්දියාව 2023 වසරේදී ඇමෙරිකාව ප්රමුඛ අභ්‍යවකාශ සංධානයක් වන ‘ආර්ටෙමිස් ගිවිසුම’ වෙත අත්සන් තැබුවා.
චන්ද්‍රයා ඇතුළු බාහිර අභ්‍යවකාශයේ සිවිල් ගවේෂණයන් පාලනය කෙරෙන පොදු මූලධර්ම සමූහයකට කැපවීම මෙම ගිවිසුමේ මූලික අරමුණයි.
ඉන්දියාව මෙම ගිවිසුමට එක්වන විට එහි 27 වන සාමාජිකයා වූ අතර, මේ වන විට ලොව පුරා රටවල් 70ක් ඊට එක්ව සිටියා.
"දෙරට අතර පවතින ආර්ටෙමිස් ගිවිසුමේ සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, නාසා ආයතනය විසින් ඉස්රෝ (ISRO) ආයතනයට සිය 'මූන් බේස්' වැඩසටහනට එක්වීමට ආරාධනා කළා. එමෙන්ම, මෙම ගිවිසුම යටතේ විවෘත විද්‍යාත්මක දත්ත හුවමාරු කරගැනීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ද දෙපාර්ශ්වයම එකඟතාව පළ කළා," යනුවෙන් ඉන්දියාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්.
පසුගිය වසර කිහිපය තුළ දෙරටේ අභ්‍යවකාශ ආයතන අතර පවතින සබඳතාව නොසිතු ලෙස සමීප වී තිබෙනවා.
ඉන්දියාව ආර්ටෙමිස් ගිවිසුමට එක්වූ එම වසරේම, මානව අභ්‍යවකාශ ගමන් සහයෝගීතාව සඳහා වූ මූලෝපායික රාමුවක් සකස් කිරීමට ද දෙරට එකඟ වුණා.
එම වැඩසටහනට අනුව, පෞද්ගලික අංශය මගින් මෙහෙයවනු ලබන අභ්‍යවකාශ මෙහෙයුම් හරහා ඉන්දීය ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමේ අරමුණින් ඔවුන්ට සිය පර්යේෂණාගාර තුළ උසස් පුහුණුවක් ලබා දීමට නාසා ආයතනය පියවර ගත්තා.
2025 වසරේදී ඉන්දීය ගගනගාමී ශුභාන්ෂු ශුක්ලා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට පදනම වැටුණේ ද මෙම එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙසින්.

Latest News
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
Local
16 August 2026
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා CID යයි
Local
16 August 2026
ටූනා මත්ස්‍ය තොග කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන සතියේ ජපානයේදී
Local
16 August 2026
මාඔයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ
Local
16 August 2026