General14 August 2026

අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි

බන්ධනාගාර ගතව පසුවන නිර්මල ප්‍රසංග නොහොත් ‘බැකෝ සමන්’ නමැත්තා, වෙඩි තබා ඝාතනය කෙරුණු සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යාම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

පසුගිය 12 වනදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට පත්වූ අතර, 'ගණේමුල්ලේ සංජීව' ඝාතනයට පළිගැනීමක් ලෙස 'කරන්දෙණියේ සුද්දා' විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට දැනට කෙරෙන පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, බැකෝ සමන්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරය වෙත නොයන ලෙස කරන්දෙණියේ සුද්දා විසින් මියගිය මවට මීට පෙර තර්ජනය කර තිබූ බවත්, එම තර්ජන නොසලකා ඇය ඔහුව හමුවීම මෙම ඝාතනය සඳහා ප්‍රබල හේතුවක් වී ඇති බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.
Related recommendation
Hiru TV News | Programmes