General15 August 2026

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආශ්‍රිත මුහුදු තීරයේ අද (15) සිදු වූ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ නියෝජිතායතනය තහවුරු කරනවා.

විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, භූකම්පනයත් සමඟ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, පුද්ගලයින් 23 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

තවත් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බැවින් සෙවුම් හා මුදවාගැනීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes