අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
මෙම අනතුරින් අතුරුදන් වූ නාවිකයා සෙවීමේ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ඊයේ (15) සිදුවූ මෙම අනතුරින් මුදාගනු ලැබූ නාවික හමුදා සාමාජිකයින් එකොළොස් දෙනකු මේ වන විට වැලිසර නාවික මහ රෝහලේ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවයි නාවික හමුදාව පවසන්නේ.
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාව මේ වන විට මුහුදුබත්ව ඇති බව නාවික හමුදාව සඳහන් කරනවා.
එම යාත්‍රාව ගොඩ ගැනීම සඳහා අද (16) අළුයම සිටම මෙහෙයුම් ආරම්භ කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් අදාල මෙහෙයුමට බාධා එල්ලවී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාවක් නාවික හමුදාවේ 12 දෙනෙකු සමග අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වුණේ ඊයේ (15) දිනයේදීයි. අනතුර සිදුවන ආකාරය දුටු පුද්ගලයෙකු එය ක්ෂණිකව අඟුලාන පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව නාවිකයින් පිරිස මුදා ගැනීමට ධීවර යාත්‍රා 03ක් අනතුර සිදු වූ ස්ථානයට යොමු කිරීමට පොලිසිය කඩිනමින් පියවර ගෙන තිබුණා.
ඒ අනුව, මෙහෙයුම් වෙනුවෙන් බෙල් 412 හෙළිකොප්ටර් යානයක් යෙදවීමට ගුවන් හමුදාව පියවර ගත් අතර අනතුර සිදු වූ ස්ථානය අවට ආවේක්ෂණ කටයුතු සඳහා එම්. අයි 17 යානයක් යෙදවීමටද පියවර ගෙන තිබුණා.
Latest News
මහනුවර පළමු කුඹල් පෙරහැර අද
Local
18 August 2026
කංජිපානි ඉම්රාන්ගේ ඥාති සහෝදරයෙකු ඝාතනය කිරීමට කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට
Local
18 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධනය අද මැතිසබයට
Local
18 August 2026
නවතම ජාත්‍යන්තර මත විමසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතා අනුමැතිය 33% දක්වා පහළට!
Local
18 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි: ප්‍රදේශ රැසකට තද සුළං
Local
18 August 2026
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට පත් කරයි
Local
18 August 2026
රතු නිවේදන නිකුත් කර තිබූ ‘සමිට්පුර චතූ’ ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු CID අත්අඩංගුවට
Local
18 August 2026
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026