විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (15) සිදු කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උප්පුවේලි පොලිස් වසමට අයත් ත්‍රිකුණාමලය, පුලියමන්කුලම, දේවනගර්, මදුමෙයි වීදියේ පිහිටි නිවෙසක මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක්, කඩුවක් සහ යකඩ බටයකට යකඩ දැති රෝදයක් සවිකර සකස් කරන ලද තියුණු ආයුධයක් සොයාගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, පුලියමන්කුලම, දේවනගර් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් දේවනගර් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් "කුට්ටි පුලි" සහ "විජේ ටීම්" යනුවෙන් මැර කල්ලි දෙකක් නිර්මාණය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.
එම කල්ලි දෙකෙහිම නායකයා ලෙස කටයුතු කරමින් ඔහු ප්‍රදේශවාසීන් බියගැන්වීම් හා විවිධ අපරාධයන්හි නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Latest News
හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක
Local
16 August 2026
ඩොල්ෆින් සුළි කුණාටුව නිසා මධ්‍යම චීනයට ගංවතුර තර්ජනයක්
Local
16 August 2026
ලොව අවලස්සනම සුනඛයා ලෙස 'ජිනී' කිරුළ පළඳියි: ත්‍යාගය ඩොලර් 5,000යි
Local
16 August 2026
හිටිගමන් වැඩිවෙන වාහන මිල මාෆියාවක් : ආර්ථික විශ්ලේෂකයන් කියයි
Local
16 August 2026
Ceylon Hotels Corporation 60 වසර සමරයි
Local
16 August 2026
යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි - 10ක් රෝහලේ
Local
16 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026