General16 August 2026

නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට

නුවරඑළිය, බ්ලැක්පූල් සහ මාගස්තොට අතර පැවැති යතුරුපැදි ධාවන තරගයකදී සිදු වූ බරපතළ අනතුරකින් තරගකරුවන් දෙදෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

නුවරඑළිය මහ නගර සභාව සහ කොළඹ පෞද්ගලික සංගමයක් එක්ව සංවිධානය කළ මෙම සීසී 400 (400cc) නානුඔය, බ්ලැක්පූල් පාලම අසලින් ආරම්භ වී කඳු බෑවුම් හා වංගු සහිත තේ වතු මාර්ග ඔස්සේ මාගස්තොට දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී, තරගය පැවැති අවස්ථාවේ ප්‍රදේශයට පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ධාවන පථයේ ලිස්සා යාම හේතුවෙන් යතුරුපැදි දෙකක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරළීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, අනතුරට ලක් වූ තරගකරුවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ වන බවයි.
Related recommendation
Hiru TV News | Programmes