General18 August 2026

22ට එරෙහිව විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී පෝස්ටර් විරෝධතා

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එයට විරුද්ධව විරෝධය පළකර සිටියා.

අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන දේශපාලන බලපෑම සහ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප පහත හෙළීම පිළිබඳව ආණ්ඩුවට කෙරෙන දේශපාලන විවේචනයක් පිළිබිඹු කරනා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විපක්ෂය මෙම විරෝධතාවය පළකරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes