General19 August 2026

නොසිතු මොහොතක ජීවිතයෙන් සමුගත් උසස් පෙළ සිසුවා

උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19ක් වූ යාපනය, කන්දර්මඩම්, අරසඩි පාර ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

පසුගිය අගෝස්තු 10 වන දින විභාග ශාලාවේදී සිය අනාගත සිහිනය වෙනුවෙන් පිළිතුරු ලියමින් සිටියදී මොහු හදිසියේම අසනීප වී තිබෙනවා.

පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නැවත නිවසට පැමිණ සිටියදී පසුගිය අගෝස්තු 16 වන දින රාත්‍රියේදී ඔහු නැවතත් බරපතල ලෙස අසනීප වී ඇති බව සඳහන්.

රෝහල් ගත කිරීමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිදුවීම පිළිබඳව යාපනය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.



Related recommendation
Hiru TV News | Programmes