විශ්වයේ අඳුරු ශක්තිය , කළු කුහර සහ අපගේ සූර්යග්රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහලෝක පිළිබඳ පුළුල් පර්යේෂණ සිදු කිරීම සඳහා ඇමරිකාවේ නාසා ආයතනය විසින් නිෂ්පාදිත මීළඟ පරම්පරාවේ ප්රබලතම අභ්‍යවකාශ දුරේක්ෂය වන "නැන්සි ග්‍රේස් රෝමන්" සාර්ථකව අභ්‍යවකාශයට දියත් කර තිබෙනවා.
ෆ්ලොරිඩාවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ස්පේස්එක්ස් රොකට්ටුවක් ආධාරයෙන් දේශීය වේලාවෙන් ඉරිදා උදෑසන මෙම දුරේක්ෂය ගුවන්ගත කෙරුණා.
හබල් සහ ජේම්ස් වෙබ්ට වඩා 100 ගුණයක විශාල දෘශ්‍ය පරාසයක් නාසා ආයතනය සඳහන් කරන පරිදි, මෙම රෝමන් දුරේක්ෂය මගින් අභ්‍යවකාශයේ අතිවිශාල පරාසයක සන්දර්ශන දසුන් එකවර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
එය දැනට භාවිත වන හබල් සහ ජේම්ස් වෙබ් යන ප්‍රකට අභ්‍යවකාශ දුරේක්ෂ දෙකටම වඩා 100 ගුණයක විශාල දෘශ්‍ය ක්ෂේත්රයක් ආවරණය කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් නාසා ආයතනයේ නිලධාරිනියක වන නිකී ෆොක්ස් ප්‍රකාශ කළේ, රෝමන් දුරේක්ෂය මගින් අප විශ්වය දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති බවයි. "මෙම දුරේක්ෂය මගින් දස දහස් ගණනක්, සමහර විට අලුත් බාහිර ග්‍රහලෝක 100,000 ක් පමණ සොයා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. නාසා හි අපගේ ප්‍රධානතම ඉලක්කයක් වන්නේ 'විශ්වයේ අප තනිවම සිටිමුද?' යන ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීමයි," යැයි ඇය වැඩිදුරටත් පැවසූ බවයි බීබීසි පුවත් සේවය වාර්තාකර සිටින්නේ.
එමෙන්ම නාසා හි ව්‍යාපෘති කළමනාකාරිනී ජැකී ටවුන්සෙන්ඩ් (Jackie Townsend) මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, අභ්‍යවකාශයට සිදු කළ මෙම ගමන අතිශය සාර්ථක සහ විස්මිත එකක් වූ බවයි.
ඇමරිකානු ජනාධිපතිගෙන් සුබ පැතුම්මෙම සාර්ථක දියත් කිරීමෙන් පසුව පැවැති විශේෂ මාධ්‍ය හමුවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ව්‍යාපෘතියට දායක වූ විද්‍යාඥයින්ට සහ තාක්ෂණික ශිල්පීන්ට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Latest News
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026