International02 September 2026

දරුවන් සදහා විදෙස් ගමන්බලපත්‍ර ලබා ගැනීමේදී අමෙරිකාවෙන් නව නීති

දරුවන් සඳහා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේදී දෙමාපියන්ගේ පුරවැසිභාවය හෝ ආගමන තත්ත්වය තහවුරු කරන නිල ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 6 වනදා අත්සන් කරන ලද විධායක නියෝගය ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, දරුවෙකු වෙනුවෙන් විදෙස් ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේදී දෙමාපියන්ට හෝ භාරකරුවන්ට තමන් සතු වලංගු අමෙරිකානු ගමන් බලපත්‍රයක්, උප්පැන්න සහතිකයක් සහ ග්‍රීන් කාඩ්පත ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති.

මීට පෙර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී දරුවාගේ දෙමාපියන් විසින් කළ යුතුව තිබුණේ දරුවා සමඟ ඇති සම්බන්ධතාව තහවුරු කිරීම සහ ඡායාරූප සහිත හැඳුනුම්පතක් පෙන්වීම පමණි.

කෙසේ වෙතත්, නව නීති යටතේ දෙමාපියන්ගේ නීත්‍යානුකූල තත්ත්වය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes