යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සමග කියෙව් නුවරදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව, රුසියාව සමග පවතින යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසු පළමු වරට ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් යුක්රේනයට පැමිණි අතර, මෙම සාකච්ඡා කිසිදු ප්‍රධාන තීරණාත්මක එකඟතාවක් පිළිබඳ නිල නිවේදනයකින් තොරව අවසන් වුණා.
ඊට පෙර දින ඔවුන් දෙදෙනා මොස්කව්හිදී ව්ලැදිමීර් පුටින් සමගද සාකච්ඡා පවත්වා තිබූ බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.
කියෙව්හි පැවැති සාකච්ඡා "ප්‍රායෝගික" මෙන්ම වැදගත් වූ බවත්, ඒ පිළිබඳව තමන් "දිරිමත් වූ" බවත් විට්කොෆ් පැවසුවා.
රුසියාවට නැවතත් ආක්‍රමණයක් දියත් කිරීමට ඉඩක් නොතබන සාධාරණ සාමය අත්‍යවශ්‍ය බව සෙලෙන්ස්කි මෙහිදී අවධාරණය කර තිබෙනවා.
පැය කිහිපයක් පුරා සංවෘත දොරටු පිටුපස පැවැති ඉරිදා සාකච්ඡා වටයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෙලෙන්ස්කි පැවසුවේ, සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා යුක්රේනය, යුරෝපය සහ ඇමෙරිකාවේ නිලධාරීන් නුදුරේදීම හමුවීමට එකඟ වූ බවයි. එමෙන්ම රුසියාව සහ ඇමෙරිකාව සමග ත්‍රෛපාර්ශ්වික හමුවක් පවත්වන ලෙසයි.
සෙනසුරාදා පැවැති සාකච්ඡා පිළිබඳව සඳහන් කරමින්, "මොස්කව්හිදී අප විශාල ප්‍රගතියක් ලබා ගත්තා, මෙහිදීත් යහපත් විසඳුමක් ලැබෙනු ඇතැයි අපට විශ්වාසයි" යනුවෙන් විට්කොෆ් පවසා තිබෙනවා.
මොස්කව් හි පැවැති සාකච්ඡා පිළිබඳව විමසූ විට කුෂ්නර් පැවසුවේ, ඇමෙරිකානු කණ්ඩායම "මෙතෙක් සාර්ථක නොවූ අදහස් රැසක් නැවත සමාලෝචනය කළ" බවත් "ස්ථාවර සාමයක්" සඳහා අවශ්‍ය වන කරුණු මොනවාදැයි සිතා බැලීමට උත්සාහ කළ බවයි.
කියෙව් වෙත පැමිණීමට පෙර රුසියානු නායකයා හමුවීමට සිදු වූයේ "ඔහු සිටින ස්ථාවරය කුමක්දැයි සවන්දීමට අවශ්‍ය වූ බැවින්" බව විට්කොෆ් සඳහන් කළා.
යුද්ධය ශීත සෘතුව දක්වා ඇදී යන්නේ නම් - "දැනට පෙනෙන්නට තිබෙන්නේද එයයි" - යුක්රේනයට ගුවන් ආරක්ෂණ පද්ධති සහ බලශක්ති ආධාර අවශ්‍ය වන බව සෙලෙන්ස්කි අවධාරණය කර සිටියා.
රුසියානු බැලස්ටික් මිසයිලවලට එරෙහිව සටන් කිරීමට යුක්රේනය ඇමෙරිකාවේ නිෂ්පාදිත පේට්‍රියට් (Patriot) මිසයිල නාශක පද්ධති මත පදනම් වූ නමුත්, ඉරානය සමග පැවැති යුද්ධයේදී ඇමෙරිකාව සතුව තිබූ එම මිසයිල තොගවලින් විශාල ප්‍රමාණයක් භාවිත කර තිබෙනවා.
පසුගිය වසරවලදීද රුසියාව ශීත සෘතු මාසවලදී ප්‍රධාන වශයෙන් ප්‍රහාර එල්ල කළේ යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙතයි.
යුක්රේනයට තමන්ගේම බැලස්ටික් විරෝධී පද්ධතියක් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය බව පැවසූ සෙලෙන්ස්කි, ඇමෙරිකාව ලබන වසරේදී නිෂ්පාදනය ඉහළ නංවනු ඇති බවත්, තමන් ඒ පිළිබඳව බලාපොරොත්තු තබා සිටින බවත් සඳහන් කළා.

Latest News
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව අගයමින් ITAK පක්ෂයෙන් නිවේදනයක්
Local
08 September 2026
“මාධ්‍ය 2/3 බලයෙන් යටපත් කිරීමට දරන උත්සාහය ප්රජාතන්ත්රවාදයේ මළගමක්” - මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්දනය කරන වගන්ති ගැන දිනන දකුණෙන් විරෝධය
Local
08 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 81.43කින් පහළට
Local
08 September 2026