General31 January 2013

විභාගය අසමත් වූ සිසුවෙක් ගෙළ වැළලා ගනී.


මහනුවර - දවුලූගල පොලිස් වසමේ නාරංවල ප්‍රදේශයේදී වයස අවුරුදු 19 ක සිසුවෙකු සිය නිවසේ කාමරයේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. උසස් පෙළ විභාගයේ තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් සිත් තැවුලට පත්ව මෙම සිසුවා සියදිවි හානි කර ගන්නට ඇති බවයි පවුලේ සාමාජිකයින් පවසන්නේ. මහනුවර - කිංස්වුඞ් විද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ අධ්‍යාපනය ලැබූ දමිත් චාමර නමැති සිසුවා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු මියගිය සිසුවාගේ වැඩිමහල් සහෝදරිය.

 
[MP3]s52496[/MP3]

 

Related recommendation
Hiru TV News | Programmes