දිවයින පුරා පාසල්වල පාසල් සංවර්ධන කමිටු හරහා විශාල වශයෙන් මුදල් එකතු කිරීම අඛණ්ඩව සිදුවන බවට දූෂණ විරෝධී හඬ ව්‍යාපාරය චෝදනා කරනවා. එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේ පාසල් සංවර්ධන කමිටු හා පාසල් නගා සිටුවීමේ කමිටු හරහා මෙම මුදල් එකතු කිරීම නාගරික සහ ග්‍රාමීය පාසල්වල මේ වන විටත් සිදුවන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2008/35 දරණ චක්‍ර ලේඛය මගින් මෙම මුදල් එකතු කිරීම් සඳහා දිරිගැන්වීමක් සිදුකර ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ.
පාසල්වල මුදල් එකතුකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් දිගින් දිගටම එල්ල කරන මෙම චෝදනා පිළිබදව හිරු ප්රවෘත්ති අංශය අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ නීති විරෝධී ලෙස පාසල්වල මුදල් එකතු කිරීමට කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති අතර, එවැන්නක් සිදුවන්නේ නම් සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස අදාළ පාර්ශවවලට අභියෝග කරන බවයි.
මේ, පාසල්වල මුදල් එකතුකිරීම සම්බන්ධයෙන් දූෂණ හඬ ව්‍යාපාරයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ හා අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක දැක්වූ අදහස්.
[MP3]s53924[/MP3]
Latest News
ඉරාන - අමෙරිකා සටන් විරාමයක් අතළඟ: හෝමුස් යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඉරානය කියයි
කාන්තා T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව පරාජයකින් අරඹයි: ලකුණු 87කින් එංගලන්තයට පරදී
කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
'සර්' එපා කී විසිවන සියවස උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඩේවිඩ් හොක්නි අභාවප්‍රාප්ත වෙයි
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්