General22 February 2013

පාසල්වල අයථා මුදල් එකතුකිරීමට චක්‍රලේඛ දිරියක් ද?

දිවයින පුරා පාසල්වල පාසල් සංවර්ධන කමිටු හරහා විශාල වශයෙන් මුදල් එකතු කිරීම අඛණ්ඩව සිදුවන බවට දූෂණ විරෝධී හඬ ව්‍යාපාරය චෝදනා කරනවා. එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේ පාසල් සංවර්ධන කමිටු හා පාසල් නගා සිටුවීමේ කමිටු හරහා මෙම මුදල් එකතු කිරීම නාගරික සහ ග්‍රාමීය පාසල්වල මේ වන විටත් සිදුවන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2008/35 දරණ චක්‍ර ලේඛය මගින් මෙම මුදල් එකතු කිරීම් සඳහා දිරිගැන්වීමක් සිදුකර ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ.

 

පාසල්වල මුදල් එකතුකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් දිගින් දිගටම එල්ල කරන මෙම චෝදනා පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ නීති විරෝධී ලෙස පාසල්වල මුදල් එකතු කිරීමට කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති අතර, එවැන්නක් සිදුවන්නේ නම් සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස අදාළ පාර්ශවවලට අභියෝග කරන බවයි.

 

මේ, පාසල්වල මුදල් එකතුකිරීම සම්බන්ධයෙන් දූෂණ හඬ ව්‍යාපාරයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ හා අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක දැක්වූ අදහස්.

 

[MP3]s53924[/MP3]

Related recommendation
Hiru TV News | Programmes