මීට වසර 30 කට පමණ පෙර යුක්රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ විශාල පිපිරීමෙන් මුදා හැරුණු විකිරණ ශ්‍රී ලංකා පොළොවේද දක්නට ලැබෙන බව දැන් අනාවරණය වී තිබෙනවා. මේ බව හෙළිවී ඇත්තේ පරමාණුක ශක්ති අධිකාරිය මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.
1986 වර්ෂයේ අප්‍රේල් 26 වැනිදා සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගියා. කෙසේ වෙතත් පසුව හෙළිවුණේ 4000 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තවත් විශාල ප්‍රමාණයකට රෝගාබාධ ඇතිවූ බවයි. ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික බලාගාර අනතුර ලෙසද මෙය සැළකෙනවා. මින් මුදා හැරුණු විකිරණ බටහිර දිග රුසියාවේ සිට යුරෝපාකරයේ රටවල් රැසකට පැතිරුණා.
කෙසේ වෙතත් මෙහි විකිරණ ශ්‍රී ලංකාවටද පැතිර ඇති බවට හෙළිවී ඇත්තේ දකුණු ඉන්දියාවේ ඉදිකර ඇති කූන්ඩන්කුලම් බලාගාරයේ අනතුරක් සිදුවුවහොත් මෙරටට පවතින අවදානම පිළිබඳව කළ පරීක්ෂණයකදියි. විකිරණ අනතුරක බලපෑම සොයාබැලීම සඳහා දැනට ශ්‍රී ලංකාවේ පවතින විකිරණ තත්ත්වයන් අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා දිවයින පුරා ස්ථාන 100කින් සාම්පල පරීක්ෂාවට ලක් වෙන අතර දැනට ඉන් 65 ක් පමණ පරීක්ෂා කොට තිබෙනවා. එම පරීක්ෂාවේදී හෙළිවූ කරුණු සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට තවදුරටත් කරුණු පැහැදිළි කරන පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන.
[MP3]s57432_1[/MP3]
ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර 9406 ක් ඈතින් පිහිටා තිබූ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ මෙම න්‍යෂ්ටික පිපිරුමෙන් මුදා හැරුණු විකිරණ ශ්‍රී ලංකාවට ළඟාවූයේ නම් ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි කූන්ඩන්කුලම් බලාගාරයෙන් බලපෑමක් එල්ල නොවන්නේද යන්න අප ඔහු වෙත ඉදිරිපත් කළ මීලඟ ප්රශ්නයයි.
[MP3]s57432_2[/MP3]
Latest News
පාපන්දු ලෝක කුසලාන එංගලන්ත - ආර්ජන්ටිනා අවසන් පූර්ව ගැටුමට දැඩි ආරක්ෂාවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍යයේ නව යෞවනයන්ට රාත්‍රී සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවෙයි
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්