General29 April 2013

අරලගංවිලට උල්කා පැමිණියේ පිටසක්වලින්මයි - චන්ද්‍රා වික්‍රමසිංහ.



පසුගියදා පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයට පතිත වූ පාෂාණ කොටස් පිටසක්වලින් පැමිණි ඒවා බව නැවත නැවත තහවුරු වන්නේයැයි එංගලන්තයේ බකිංහැම් සරසවියේ තාරකා ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසනවා. කොළඹදී අද (29) මාධ්‍යය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්යවරුන් සිදුකරන ප්‍රකාශ තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

[MP3]s58032_1[/MP3]

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  භූ ගර්භ විද්‍යාව පිළිබඳව මහාචාර්ය අතුල සේනාරත්නගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී මහාචාර්යවරයා කියා සිටියේ අරලගංවිල ප්‍රදේශයෙන් හමුවූ පාෂාණ කැබලි කිසිසේත්ම පිටසක්වලින් පැමිණි ඒවා විය නොහැකි බවයි.

[MP3]s58032_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes