සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව අපවත්වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය ලබා ගැනීම සඳහා ගිය තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව සිංහල රාවය සංවිධානය ප්‍රකාශ කළා. සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය තම සංවිධානයට නොදන්වා රහසේම කහවත්තට රැගෙන ගොස් ඇති බවයි. සිද්ධිය පිළිබඳව උන්වහන්සේ මෙලෙස කරුණු පැහැදිලි කළා.
[MP3]s59715[/MP3]
දේහය පිළිබඳ ආදාහන කටයුතු හෙට සිදු කිරීමට නියමිතව තිබුණේ කහවත්ත - දකුණු පනාවැල්ල - ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේදියි. සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අපවත්වී වදාළ ඉන්දරතන හිමියන්ගේ දේහයට මුද්‍රා තබා ඇති නිසා මෙලෙස අවසන් කටයුතු කඩිනම් කිරීමට පියවර ගත් බවයි.
ගව ඝාතනය ඇතුලූ කරුණු කිහිපයකට විරෝධය පළකරමින් වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්‍රී දළදා මාළිගාව අබියසදී පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගත්තා. මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු උන්වහන්සේ ඊයේ රාත්‍රී 8.10ට පමණ අපවත්වනවිට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
Latest News
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්