13 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කර තිබෙනවා. හින්දු පුවත්පත අද (19) මෙම තොරතුරු සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු වාර්තාවක් ගොනුකරමින්.
13 වන සංශෝධනයට අදාළව ශ්‍රී ලංකාව තුළ පුළුල් සංවාදයක් ඇතිවන්නේ උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟයි. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ ඒ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සමඟ මෙන්ම, එරට විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සමඟ ද ඒ පිළිබඳ සාකච්ඡා කළා. එහිදී අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සඳහන් කර තිබුණේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ සාකච්ඡා කිරීමට මධ්‍යම රජය සූදානම් බවයි.
කෙසේ වෙතත්, 13 වන සංශෝධනයේ වෙනස්කම් සිදුකරන්නේ නම් ඒ පිළිබඳව ඉන්දියාව අවධානයෙන් පසුවන බව හින්දු පුවත්පත් වාර්තාවේ, අද සඳහන් වුණා. බලය බෙදීමේ ක්‍රියාවලියකට එමගින් ලක් රජය එකඟ වී තිබෙනවා. එසේම, උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ ද ඒ පිළිබඳ කරුණු අන්තර්ගතයි. 13 වන සංශෝධනයට එහා ගිය බලතල ලබාදීම පිළිබඳවත්, සාකච්ඡා කර ඇති මොහොතක මෙවැනි තත්ත්වයක් මතුවීම ඉන්දීය රජයේ අවධානය වැඩි වශයෙන් මේ පිළිබඳව යොමුවීමට හේතුවී ඇති බව හින්දු පුවත්පතේ අදහසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව සිදුකරන කටයුතු පිළිබඳව දේශපාලන පක්ෂ දක්වන්නේ ද විවිධ අදහස්. මේ එලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන දැක්වූ අදහස් කිහිපයක්.
[MP3]s61307[/MP3]
Latest News
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්