වැලිවේරිය සිද්ධියේ දී උද්ඝෝෂකයන් අතරින් ආරක්ෂක අංශ වෙත ගල් මුල් ප්‍රහාර එල්ල වූයේ සැලසුම් සහගතව බව වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ. උපාලි අද කියා සිටියා. ඒ, සිද්ධියේදී තුන්දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක හමුවේ අද (06) යළිත් කැදවූ අවස්ථාවේදියි.
පානීය ජල ප්‍රශ්නයක් මුල් කර ගනිමින් වැලිවේරිය - රතුපස්වල ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණයට ප්‍රහාර එල්ල වූයේ පසුගිය අගෝස්තු 1 වන දායි. අද මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදුන්නේ කොළඹ අපරාධ කෝට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාගේ මෙහෙයවීමෙන්.
වැලිවේරිය - රතුපස්වල ජනතා උද්ඝෝෂණය ආරම්භයේ සිට අවසානය දක්වාම තමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා මෙහිදී සදහන් කළා. ප්‍රහාරය එල්ල වූ දිනයේ දී යුධ හමුදාවේ බ්‍රිගේඩියර් දේශප්‍රිය නැමැත්තෙක් පැමිණ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගත් තීරණයක් දැනුම් දුන්නා. පුටුවක නැග මයික්‍රොෆෝනයක් ආධාරයෙන්, කම්හල වැසීමට තීරණය කර ඇති බව ඔහු කියා සිටියා. පසුව පිරිසට විසිර යාමට පැය භාගයක් ලබා දෙන බව ද ඔහු සදහන් කළා. එක්වරම හූ හඩක් නැගුණු අතර උද්ඝෝෂකයන් අතරින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල වුණා. පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එක් ගලක් වැදී තමන් ද බිම ඇද වැටුණු බවයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ මෙතරම් විශේෂිත සිද්ධියකදී බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ලබා නොගත්තේ මන්ද යන්නයි. එමෙන්ම යුධ හමුදාව නිල ඇදුමෙන් සිටියේ ද, කළු පැහැති ඇදුමකින් සැරසී සිටියේ ද යන්න මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළා. බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු යෙදවූ බව පැවසූ පොලිස් ස්ථානාධිපතිවරයා යුධ හමුදාව නිළ ඇදුමෙන් සිටි බව ප්‍රකාශ කළා.
වැලිවේරිය ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජකවරයා සහ කන්‍යා සොහොයුරිය අද සාක්ෂි දීමට කැදවා තිබුණ ද ඔවුන් පැමිණ සිටියේ නැහැ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් පැමිනියේ නීතිඥ උපුල් දේශප්‍රිය පැවසුවේ ඔවුන් ඇතුළු පිරිස් සාක්ෂි දැක්වීමට බියක් දක්වන බවයි. සාක්ෂි කැදවීමට අධිකරණයට බලය තිබෙන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා අවශ්‍ය පුද්ගලයන් කැදවිය හැකි බව ද කියා සිටියා. මෙය විශේෂිත නඩුවක් වන බැවින් නීතියේ රාමුවෙන් පිට පැන මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්විය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසුවේ.
අධිකරණයට වාර්තා වී ඇත්තේ මෙම සිද්ධියෙන් සියයට 2ක, 3ක කරුණු ප්‍රමාණයක් පමණක් බව නීතිඥ උපුල් දේශප්‍රිය මෙහිදී සදහන් කළා. නඩුව මේ මස 17 වන දා පෙරවරුවේ යළි කැදවනු ඇති.
Latest News
නීති සම්පාදනය ඒකාධිපති හා උද්ධච්ඡ ව්‍යවහාරයක් වෙලා - ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන්
පාකිස්ථානයේ වැටලීමකින් චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් 258ක් අත්අඩංගුවට
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට: මෝටර් රථ බදු මත ශ්‍රී ලංකා රේගුව පෙරමුණට
කොස්ගොඩ සුජීගේ ඥාතීන්ගේ මිලියන 60ක ඉඩම් අත්හිටුවයි
ඩොලර් මිලියන 1,000ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
'වනාතේ චතු' අත්අඩංගුවට
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි