Business13 July 2026

බොරතෙල් මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර යළිත් අලුත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79 ඉක්මවා වෙළඳාම් වන අතර, WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74 බවයි වාර්තා වෙන්නේ.

මෙම ප්‍රධාන තෙල් මිල දර්ශක දෙකම පසුගිය සිකුරාදා (10) පැවති මිල ගණන්වලට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සිකුරාදා (10) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 76ක් ලෙසින් වූ අතර WTI බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 72ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes