ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රවාහන ක්ෂේත්රයේ නව පෙරළියක් ඇති කරමින්, රියැදුරන්ගෙන් ගමන් වාරයකට කොමිස් ගාස්තු අය නොකරන ශ්‍රී ලංකාවේ ප්‍රථම රයිඩ්-හේලිං වේදිකාව වන TruRout නිල වශයෙන් හඳුන්වා දී තිබේ. සාම්ප්‍රදායික කොමිස් පදනම් කරගත් ව්‍යාපාර ආකෘතිය වෙනුවට දායකත්ව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් රියැදුරන්ගේ ආදායම වැඩි කිරීම සහ මගීන්ට විනිවිදභාවයෙන් යුතු ගාස්තු පද්ධතියක් හඳුන්වා දීම මෙහි අරමුණයි.
TruRout හරහා ත්‍රිරෝද රථ සඳහා ස්ථාවර දෛනික දායකත්ව ගාස්තුවක් ගෙවීමෙන් පසු එදින සිදු කරන සියලුම මුදල් ගෙවීම් සහිත ගමන්වල ආදායමෙන් 100%ක්ම තමන් සතු කර ගැනීමේ හැකියාව රියැදුරන්ට හිමි වේ. ඒ අනුව ගමන් වාරයකට කොමිස් අය කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.
මගීන් වෙනුවෙන්ද TruRout විශේෂ ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. කාර්යබහුල වේලාවලදී, වැසි සහිත කාලගුණ තත්ත්වයන්හිදී හෝ නිවාඩු දිනවලදී ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදය ඉවත් කර ඇති අතර, ගමන තහවුරු කිරීමට පෙර සම්පූර්ණ ගාස්තුව පෙන්වන බැවින් සැඟවුණු අය කිරීම්වලට ඉඩක් නොමැත.
එකම යෙදුම හරහා මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය අතර මාරු වෙමින් අමතර ආදායම් උපයා ගැනීමේ අවස්ථාවද රියැදුරන්ට හිමි වේ. TruMove S, M, XL සහ TruHaul යන කාණ්ඩ යටතේ විවිධ ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම සේවාව පහසුකම් සලසයි.
TruRout රියැදුරන් සහ මගීන් සඳහා යොමු කිරීමේ (Referral) ත්‍යාග, පක්ෂපාතිත්ව (Loyalty) වැඩසටහන්, දායකත්ව ගාස්තු වට්ටම් සහ ප්රමුඛත්වයෙන් ගමන් වාර ලබා ගැනීමේ අවස්ථාද හඳුන්වා දී ඇත. නව මගීන්ට පළමු ගමන සඳහා වට්ටම් සහ සුදුසුකම් සපුරන ගමන්වලින් පසු Ride Credits හිමි වේ.
ආරක්ෂාව සහ පහසුව තවදුරටත් ශක්තිමත් කරමින් යෙදුම තුළ හදිසි ඇමතුම් පහසුකම, ද්විපාර්ශ්වීය ඇගයීම් පද්ධතිය, විධිමත් පැමිණිලි විසඳීමේ ක්‍රමවේදය සහ මුදල්, බැංකු කාඩ්පත්, LankaQR හා TruRout Wallet හරහා ගෙවීම් කිරීමේ පහසුකම්ද සපයා ඇත.
කොමිස් රහිත ව්‍යාපාර ආකෘතිය, විනිවිදභාවයෙන් යුතු ගාස්තු ක්‍රමවේදය සහ මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා එකම ඩිජිටල් වේදිකාවකට ගෙන ඒම හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයට නව ප්‍රමිතියක් හඳුන්වා දීමට TruRout අපේක්ෂා කරයි.
Latest News
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
හීනටියන මහේෂ්ට රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරනවා : CCDය අධිකරණයට කියයි
මීගමු හිරගෙදර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්දැයි සැකයි - මාලිමා මන්ත්‍රී සුරවීර
විමල් වීරවංශගේ නඩුවක් සැප්තැම්බර් 21 යළි කැඳවයි
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
ExpoNavigator හරහා EDB, IFC සහ EU නැගෙනහිර පළාතේ අපනයන ව්‍යවසායන් ශක්තිමත් කරයි
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
ඩෙංගු වසංගතය හේතුවෙන් පෙරපාසල් සිසුන්ටත් අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර