ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, Hayleys Agriculture Holdings Limited සිය අනුබද්ධිත සමාගමක් වන Hayleys Nature Nest (Pvt) Ltd හරහා මෙරට ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර (Frozen Concentrated Coconut Water) නිෂ්පාදනාගාරය පසුගියදා විවෘත කළේය.
ශ්‍රී ලංකාවේ සරුසාර කෘෂිකාර්මික අස්වැන්නට ඉහළ වටිනාකමක් එක් කරන නිෂ්පාදන බිහි කිරීමේ දැක්ම මත ස්ථාපිත කර ඇති මෙම නවීන තාක්ෂණයෙන් සමන්විත නිෂ්පාදනාගාරය, දේශීයව ලබාගන්නා පොල් වතුර ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන උසස් තත්ත්වයේ ශීත කළ සාන්ද්‍රිත නිෂ්පාදනයක් බවට පත් කරයි.
මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා අපනයන ක්ෂේත්රයට නව වටිනාකමක් එක් කිරීමට හැකි වන අතර, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය දිරිගැන්වීම තුළින් රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට ද දායක වනු ඇත.
සමාගමේ ගෝලීය වෙළෙඳපොළ පියසටහන තවදුරටත් පුළුල් කිරීමට අමතරව, මෙම ආයෝජනය මඟින් දේශීය පොල් වගාකරුවන් සහ ග්‍රාමීය ප්‍රජාවන් සවිබලගැන්වීමට ද අවස්ථාව සැලසෙන බව Hayleys Agriculture සඳහන් කළේය.
“ලෝකයටම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින්, සියලු පාර්ශ්වකරුවන්ට ඉහළ වටිනාකමක් ගෙනදෙන තිරසාර සහ උසස් තත්ත්වයේ කෘෂිකාර්මික විසඳුම් ලබාදීමට අප සැමවිටම කැපවී සිටිනවා,” යැයි Hayleys Agriculture Holdings Limited වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නව ආයෝජනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනවල ගෝලීය තරඟකාරීත්වය ඉහළ නැංවීමේ තවත් වැදගත් පියවරක් වන අතර, අගය එකතු කළ කෘෂිකාර්මික අපනයන ක්ෂේත්රයේ නව අවස්ථා රැසක් නිර්මාණය කරනු ඇත.
Latest News
රු. මිලියන 16.5ක දූෂණ චෝදනාවකට හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම් අත්අඩංගුවට
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසේ
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ - අවසන් දිනය අගෝස්තු 17
අමෙරිකාවේ නව බදුවලින් ඇඟලුම් ක්ෂේත්රයට බලපෑම්
ඉන්දියාවෙන් යළි සාර්ථක මිසයිල අත්හදා බැලීමක්
ඩෙංගු රෝගීන් 80,000 පනී: මරණ 59 දක්වා ඉහළට
ජූලි 30 සහ 31 සේවක අර්ථසාධක අරමුදලේ සේවා නවතී
කොළඹ 07 කෝටි ගණනක් වටිනා ඉඩමක් කුණු කොල්ලයට ලියාපදිංචි කිරීමේ ජාවාරමක් අධිකරණයේදී හෙළිවෙයි
පිල්ලෙයාන් අගෝස්තු 4 දක්වා යළි රිමාන්ඩ්
ජූනි මාසයේ තේ අපනයනය පහත බසී