Business01 August 2026

ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්

මේ වසරේ ජුනි මාසයේදී මෙරට මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1660ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ජුනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, වසරේ ජූනි මාසය දක්වා සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 10, 432ක් බවයි.

එමෙන්ම, භාණ්ඩ අපනයනයෙන් පමණක් ජූනි මාසයේදී ඩොලර් මිලියන 1,144ක අදායමක් උපයා ඇති අතර, සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 516ක්.

ජුනි මාසය තුළ ඩොලර් මිලියන 1972ක භාණ්ඩ මෙරටට ආනයනය කර ඇති බව ද මහ බැංකුව ප්‍රකාශ කළා.

එමෙන්ම පසුගිය ජුනි මාසයේදී ඩොලර් මිලියන 151ක සංචාරක ඉපැයීම් මෙරටට ලැබී ඇති අතර, ඩොලර් මිලියන 695ක විදේශ ප්‍රේෂණ ද මෙරටට ලැබී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඊට අමතරව ජුනි මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක්.

අදාළ මාසය තුළදී මෙරට වෙළද හිගය දැක්වුණේ ඩොලර් මිලියන 829ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes